සිය බිරිදගේ දාහතර හැවිරිදි නැගණිය දූෂණය කොට ඇයව ගැබිණියක් බවට පත් කළ පුද්ගලයෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වවුනියාව මහාධිකරණ විසින් නියම කොට තිබෙනවා.
මීට අමතරව දැරියට වන්දියක් වශයෙන් රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසද එම වන්දිය නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර හතරකින් දීර්ග වන බවත් රුපියල් හය දහසකට නියම කළ දඩය නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් මාස හයකින් දීර්ග වන බවත් නඩු තීන්දුවේ සදහන්.
2014 වසරේදී එම දැරිය අවස්ථා කීපයක්ම දූෂණය කොට පසුව ඇය සමග ඉතා රහසිගතව අඹු සැමියන් ලෙස ජීවත් වූ බවටත් මේ නිසා එම දැරිය ගැබිණියක් බවට පත් වී ගැහැණු දරුවකු බිහි කළ බවත් නඩුවේ සදහන්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බිරිදගේ පාර්ශ්වයේ ඥාතීන් වවුනියාව පොලීසියට කරණ ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කොට තිබෙනවා.
දැරියගේ සාක්කි හා දැරිය විසින් බිහි කළ දරුවාගේ ජාන එක හා සමාන බව ඩී.එන්.ඒ පරීක්ෂණයකින් සනාථ වු අතර එම සියළුම සාක්කි වලට අනුව විත්තිකරුට එරෙහිව ගොණු කොට තිබූ චෝදනා සියල්ල ඉතා පහැදිලිවම ඔප්පු වී තිබෙනවා.
දැරියට මෙතෙක් උප්පැන්න සහතිකයක් නොමැති බව දැරිය වෙණුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීමෙන් පසුව විත්තිකරුගේ නම පියාගේ නම වශයෙන් යොදා උප්පැන්න සහතිකයක් නිකුත් කරණ ලෙස වවුනියාව ප්රාදේශීය ලේකම්වරයාට මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විත්තිකරුගේ බිරිදද මොහුව අතහැර ගොස් සිටින නිසා තම සේවා දායකයාට යම් සහනයක් ලබා දෙන ලෙස විත්තිකරු වෙණුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම නොසලකා හරින ලද විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.