කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්රියේදී කළුතර උතුර ප්රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල් වරයෙකුට ත්රීරෝද රථයක සිටී පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ පහරකැමට ලක්ව ඇත්තේ පයාගල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ රාජකාරි කරන කොස්තාපල් වරයෙකු බව සදහන් වේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයා මීට පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කර ඇති බවත්, එම කාලය තුලදී ඇතිකර ගෙන ඇති තරගක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි කීය.
පැමිණිලිකාර කොස්තාපල්වරයා කළුතර කිතුලාව ප්රදේශයේ සිය හිතවතෙකුගේ නිවසකට පැමිණ සිටියදී රාත්රි ආහාර පාර්සලයක් ලබාගැනීම සදහා අවන්හලට පැමිණ සිටියදී ඒ ත්රීරෝද රථයක සිටී පිරිසක් පහරදීම සිදුකර ඇති බව සදහන් වේ.