මැලේසියාවේ දී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබේ.
ඔවුන් ඔක්තෝබර් මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව මැලේසියානු මාධ්‍යය වාර්තා කරයි.
පසුගිය සැප්තැම්බර් 22 වැනි දින මැලේසියාවේ නිවසක් තුළ ඝාතනය කර සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ගේ සිරුරු පොලීසිය විසින් සොයාගනු ලැබිණි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම සිරුරු සොයාගත් නිවසේ හිමිකාර යුවළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.
ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනා අතර එම යුවළ ගේ පුතා ද වන බව වාර්තා වේ.
මෙම ඝාතනයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලීසිය සිදු කළ ඉල්ලීමකට අනුව ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.