නීතිවිරෝධි මත්පැන් පාසලට ගෙනවිත් මිතුරන් සමඟ පානය කළ කළවාන ප්‍රදේශයේ පාසලක 9වන ශ්‍රේණියේ සිසුවෙකු ඊයේ(26) පොලිස් භාරයට ගෙන තිබුණා.
සිය වතුර බෝතලය තුළ මෙලෙස මත්පැන් රැගෙන විත් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔහුගේ මව විදේශගතව සිටින අතර, පියා පවුල හැරදා ගොස් සිටිනවා.
ඔහු, මවගේ සහෝදරියකගේ භාරයේ පසුවන අතර, එම නිවසේ තිබෙන නීතිවිරෝධී මත්පැන් මෙලෙස පාසලට ගෙනවිත් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව කළවාන පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනෙක් සිසුන්ට තරයේ අවවාද කර මුදාහැර තිබුණා.
එම සිසුවා භාරගැනීමට මවගේ සහෝදරිය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ පසුව එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහු භාරගෙන ඇති බවයි.