තියුණු ආයුධ රැගෙන ත්රි රෝද රථයකින් ගොස් කොල්ලකෑමට තැත් කළ තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් , කඩුවක් තහනම් පිහියක් , මාංචු කුට්ටමක් ,9 එම් එම් වර්ගයේ ජිව උන්ඩ 25 ක් හා 845 වර්ගයේ ජිව උණ්ඩ 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූවන් අතර වඩු කාර්මිකයෙකු මෝටර් කාර්මිකයෙකු ද වන බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙරද විවිධ අපරාධ සඳහා පොලිස් අත්අඩංගුවට පත්වූවන් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් බණ්ඩාරගම හොරණ පදිංචිකරුවන් වන අතර ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.