පොලිස් ත්‍යාග මුදල් වශයෙන් ලැබී තිබු රුපියල් ලක්ෂ 7ක චෙක්පතක් වංචනික ලෙස මාරුකර මුදල් ලබාගෙන සිටි පොලිස් පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගාල්ල පොලිසියේ පාලන අංශයේ මුදල් ගෙවීම් කටයුතු බාරව කටයුතු කළ සමයේ මෙම වංචාව සිදුකර ඇත.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2023 වසරේ අප්‍රේල් මස ත්‍යාග මුදල් වශයෙන් පොලිසියට ලබා දී තිබු රුපියල් 7,28,150 ක වෙත්පතක් සම්බන්ධයෙන් ලේඛණ වල සටහන් නොදා එය වංචනික ලෙස රාජ්‍ය බැංකුවකින් මාරුකර මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංකය විමර්ශන සිදුකර ඊයේ (21) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ මුදල් සොරකම් කිරීම, පොදු දේපළ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.