‘සම්බාහන‘ කාන්තාවක තමන්ගේ වස්තුව සොරාගෙන ඇතැයි ව්‍යාපාරිකයෙකු සම්බාහන මධ්‍යස්ථානයක් තුළ කලහ කිරීමෙන් පසු පොලිසිය පැමිණ ඒ ගැන සොයා බැලීමෙන් පසු පරීක්ෂණයක් පවත්වා සොරකමක් කළ බවට සැක කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයා පැමිණිලි කර ඇති පරිදි සොරකම සිදුව ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයෙන් පිටත ළැගුම් හලකදීය.
‘මං මේ සම්බාහන මධ්‍යස්ථානයෙදි තමයි එයාව දැනගත්තේ. එයා හොඳට මසාජ් කරනවා.මාත් එයාව මසාජ් කරා. අපි දෙන්න නැවත හමුවෙන්න තීරණය කරා. ඒ වෙලාවෙ මං එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා. එයා කිව්වා වෙනම විසිට් පුළුවන් කියලා.
ඉතිං මං එයාට කෝල් එකක් දීලා වෙලාවක් කියල අඩගහ ගත්තා. අතන්ට වඩා හොඳ තැනක් තියනව කිව්ව නිසා එයා කැමතිවුණා. අපි යාලුවො වගේ කතා කරේ. කිසිම අවිශ්වාසයක් තිබුනෙ නැහැ. දිගටම හමුවෙන්නත් අපි කතාකරකර තමා ගියේ. මං දන්න පුංචි හෝටලේකට මං එයාව එක්ක ගියා. ඒකෙ පහසුකම් හොඳයි. කෙටි වේලාවකට අපි ඒ කාමරයක් ගත්තේ. ඉතින් අපි දෙන්නාම එතැන්දි සම්බාහනේ කළා.පස්සෙ දන්නෙම නැතිව නින්ද ගියා.
ඒත් නැගිටල බලන කොට එයා නැහැ.මගෙ කරේ තිබුණ මාලෙයි ෆෝන් එකයි දෙකමත් නැහැ.
එයාගෙ නම්බරේට මං වෙන ෆොන් එකකින් කතාකරලා බැලුවම ඒක වැඩ කරන්නෙ නැහැ.
ඒ නිසා මං දන්න එකම තැන එයා වැඩ කරන තැනනෙ. මං ඒ නිසා තමයි මේ සම්බාහන මධ්‍යස්ථානෙට ආවෙ. ඒ ගොල්ලො කියනවා පිට ප්‍රශ්න මෙතන්ට ගේන්න එපා අපේ වගකීමක් නැහැ කියල. එහෙම කියල කොහොමද මෙතන මගේ ලක්ෂ 6 ක් විතර බඩු නැතිවෙලා. එයාත් මාව මග ඇරල ගිහින්. මට මෙහෙම පාඩු කරන්න පුලුවන්ද ඒකයි මං කලබල කරේ‘
ධනවත් ව්‍යාපාරිකයා කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකට කැඳවාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන 26 හැවිරිදි තරුණියක එම ව්‍යාපාරිකයා සතු රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා පෙන්ඩනය සහිත රන් මාලයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනය සොරා ගෙන පලා ගොස් ඇති බව ඒ අනුව පැමිනිලි කර තිබුණි.
පොලිසිය එම ආයතනයට පැමිණීමෙන් පසු තරුණිය එහි ඇතුළේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් තරුණිය මොනරාගල, සියඹලාණ්ඩුව පදිංචි කාරියකි. ඇය මිරිහාන ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තැනැත්තියක බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා සම්බාහන මධ්‍යස්ථානය අසළට ගොස් ඇය කැඳවාගෙන මාදිවෙල පිහිටි ලැගුම්හලට පැමිණ එහි කාමරයක් වෙන් කරගෙන ඇයත් සමඟ ගතකර ඇති බව සත්‍යයක් වූවත් සොරකම තවම හෙළිදරව් වී නැත. නුගේගොඩ පදිංචි 43 හැවිරිදි මේ ව්‍යාපාරිකයා සිව්දරු පියෙකු බවද පැවසේ.
සැකකාර කාන්තාව නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.