ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේදී පසුගිය දා මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 120ක් සමඟ යාචකයකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ගාල්ල පොලිසිය පැවසුවේ මෙම යාචකයා දිනකට රුපියල් 8,000 – 10,000ක පමණ ආදායමක් උපයන බව අනාවරණය කර ගත් බවයි.
මොහු වයස අවුරුදු 42ක ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මාතර ප්‍රදේශයෙන් විවාහ වී ඇති මෙම පුද්ගලයා දරු දෙදෙනෙකුගේ පියෙක් බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
මෙම යාචකයා ගාල්ලේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබා ඇති අයෙක් වන අතර යුද හමුදාවේ සේවය කරමින් සිටියදී අනතුරකට ලක් වී එක් පාදයක් අහිමි වී ඇති බව පොලිසිය පවසනවා.
යුද හමුදාවෙන් ඉවත් වීමේදී ලක්ෂ 03ක වන්දි මුදලක් ද ලබා ගෙන තිබෙනවා.
සිඟමනේ යෑමෙන් උපයන මුදලින් මාසිකව දරු දෙදෙනාට රුපියල් 10,000ක් යවන අතර රුපියල් 3000ක මුදලක් බැංකුවක ඉතිරි කරන බවද පවසා ඇති මෙම යාචකයා ඉතිරි මුදලින් මත්පැන් පානය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.