නුවරඑළිය, මීපිලිමාන ප්රදේශයේ නිවෙසක් ඉදිරිපිට පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදු කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වූ රාගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු මෙම නිවෙස් හිමිකාරියගේ මවගේ රියැදුරෙක් ලෙස සේවය කර ඇති අතර, මව මිය යෑමට පෙර අවසන් කැමති පත්රය මඟින් ඉඩමේ අයිතිය මෙම සැකකරුට පවරා ඇති බව පවසමින් නිවෙස් හිමි කාන්තාව සමඟ ආරවුලක් ඇති කර ගෙන තිබෙනවා.
මෙම ආරවුල හේතුවෙන් එම නිවෙසේ සිටි ඥාති පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
41 හැවිරිදි තුවාල ලැබූ නිවෙසේ හිමිකාරිය නුවරඑළිය රෝහලේ ප්රථිකාර ලබන අතර පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා