පිටිගල, බෙන්තර ගං ඉවුරේ තිබී ඊයේ (09) පිරිමි මළසිරුරක් හමු වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40ක හෝ 50ක පුද්ගලයෙක් බවට අනුමාන කළ හැකි බවයි.
අදාළ මළසිරුර පොලිසියට හමු වන අවස්ථාවේදී නිල් පැහැති අත් කොට කමිසයක් හැඳ සිට ඇති අතර යටිකය නිරුවත්ව තිබු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මිය ගිය පුද්ගලගේ අනන්‍යතාවය මේ වන විටත් සොයා ගෙන නොමැතියි.