නිතී විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හිටපු බන්ධනාගාර නියාමක සුවිසල් නිවසක් තුළ කසිප්පු පෙරමින් සිටියදි ගෝඩා මිලිමීටර් ලක්ෂ 13 පමණ අඩංගු බැරල් නවයක් සහ ගෑස් සිළින්ඩර් 9ක් ඇතුළු පෙරන උපකරණ රැසක් සමග අද (7) සවස අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බුලත්සිංහල කඳන්වාඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් පමණ වන විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු බන්ධනාගාර නියාමකවරයෙකු වශයෙන් සේවය කර එහිදී ඇතිවූ සිද්ධියක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.
ඔහු මාස කීපයකට පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට නැවත පැමිණ සිටි පුද්ගලයෙකු බවත් බුලත්සිංහල නගරයේ ස්ථාන කීපයකටම මහා පරිමාණයෙන් කසිප්පු බෙදා හරින පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පෙරන උපකරණ අතර ගෝඩා බැරල් නවයක්, ගෑස් සිළින්ඩර් 9ක් ගැස් ලිපක් ඇතුළු උපකරණ රැසක් තිබෙන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ උපකරණ හෙට (8) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක වල්පොල, පො සැ, (43040) සුනිල්ම, පො,කො, (62944) චානක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු වැටලීම සිදුකළහ.