අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ.
අම්බලන්තොට සිට කොග්ගල්ල දෙසට ධාවනය වූ බස් රථයක් තුළ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 47 හැවිරිදි කාන්තාවක් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු බස් රථය හරස් කර යතුරුපැදිය නතර කර එක් අයෙකු බස් රථයට නැග මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, පසුගිය ජුලි මාසයේ කොග්ගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් නැමැත්තාගේ මව බව පොලීසිය පැවසුවේය.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.