කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නව ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන පුද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 07ක් වටිනා තඹ කම්බි සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20,33 හා 55 වයස්වල පසුවෙන දෙහිඕවිට,බෙලිඅත්ත, දේවාලම හා සීදුව ප්රදේශකරුවන් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අද(05) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.