පලෙයි පොලිස් වසමේ මුහමාලේ ප්රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙම පහර දීම පසුගිය 31 වනදා සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කොඩිකාමන් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් මත මෙම මියගිය පුද්ගලයාගේ සහෝදරියගේ සැමියා ඇතුළු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පලෙයි පොලීසිය විසින් අත්අඩංගුව ගෙන ඇත.
සැකකරුවන් 34 සහ 31 හැවිරිදි පලෙයි සහ අරියාලෙයි ප්රදේශවල පදිංචිකරුවන් වේ.
අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.