යතුරුපැදියක් සොරකම් කළ සේවය අතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා සොරකම් කර ඇති යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ 6 කට අධික බව පොලිසිය පවසනවා.
සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල ඇන්ඩර්සන් පාර ප්රදේශයේ දී බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.