වැලිගම පොලිස් වසමේ නිවාඩු නිකේතනයක හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර එම නිවාඩු නිකේතනයට ගිනි තැබූ ඊජිප්තු ජාතිකයකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඊජිප්තු ජාතිකයා වලංගු වීසා බලපත්ර නොමැතිව වසර දෙකක අධික කාලයක් මෙරට රැඳී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
ඊජිප්තු ජාතිකයාගේ තියුණු ආයුධ පහරට ලක්වූ නිවාඩු නිකේතන හිමිකරු වැලිගම රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
නිවාඩු නිකේතනයට ගිනි තැබීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටි ඇමරිකානු ජාතික යුවලකගේ සහ රුසියානු ජාතිකයෙකු ගේ දේපල වලට ද හානි සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරනවා.
මෙම ගිනි තැබීමෙන් ඊජිප්තු ජාතිකයාද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.