ගලපිටමඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීතොටමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 890 සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී නිට්ටඹුව ප්‍රදේශයේ සඟවා තිබී මෙම ගිනි අවිය සහ එයට යොදන ජීව උණ්ඩ අටක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.
ගලපිටමඩ ප්‍රදේශයේදී පසුගිය මස 14 වැනිදා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.පොලිසිය විසින් සොයා ගත් ගිනි අවිය සැකකරුවන්ට ලබාදී ඇත්තේ විදෙස් ගතව සිටින චතුරිකා සහ පැට්ටාමංජු යන අයවලුන් බවද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පළවෙනි සැකකරු වරකපොල ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් කම්හල් සේවකයෙකු වන අතර දෙවන සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි ගෑස් සමාගමක සේවකයෙකු බවද පොලිසිය අනාවරණය කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්ථාවෙනවා.