මනිප්පායි පොලිස් වසමේ ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බ හතරක් සොයාගත් බව මනිප්පායි පොලිසිය පවසනවා.
මනිප්පායි සුදු මලේ උතුර ප්රදේශයේ පිහිටි ඉඩමක බිම සකස් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වළදමා තිබූ බැරල් දෙකක් තුළ තිබී මෙම බෝම්බ හමුවූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.
යුද සමයේදී වැලලූ බෝම්බ බවට පොලිසිය සැක පළ කරන අතර මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන මනිප්පායි පොලිසිය විසින් සිදුකරන බව වාර්තා වෙනවා.