මිරිහාන පොලිස් වසමේ සිදු වූ කළහකාරී සිදුවීමේ දී යුධ හමුදා බස් රථයකට ගිනි තැබීමක් සිදු කළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා වයස අවුරුදු 33ක් වන මහියංගනය පූජා පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන බවයි.