මින්නේරිය රෝටවැව ප්රදේශයේ නිවෙසක ඇති වු බහින් බස්වීමකින් පසු එම නිවෙසේ ගෙහිමියාගේ බෑණා වෙඩි වැදී මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙම ඝාතනවී ඇත්තේ සම්පත් කුමාර නොහොත් සංජු යන 27 හැවිරිදි ඒක්දරු පියෙකි.
ඝානය සිදු කළ බව කියන මාමණ්ඩිය මින්නේරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 64 පමණ වන පුද්ගලයකු බව පොලිසිය කියයි.
ඝාතනය වූ එක්දරු පියාගේ බිරිද මෙම ප්රදේශයේම පදිංචි වෙනත් අයකු සමග අනියම් පෙම් සබදතාවයක් පවත්වා ඔහුත් සමග පසුගිය දිනෙක පැන පැනගොස් ඇත. පසුව මෙයට උරන වූ ස්වාමියා ඇගේ පියාගේ නිවසට පැමිණ නිරන්තරයෙන් රණ්ඩුසරුවල් කර ඇය නැවත ගෙන්වා දෙන ලෙසට තර්ජනාත්මකව හැසිරී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.