පැල්මඩුල්ල පොලිසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි පුද්ගලයකුගේ ගෙළට පිහියකින් ඇන තුවාල සිදු කළ 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මෙලෙස පිහියෙන් ඇන ඇත්තේ සිය බිරිදගේ අනියම් සැමියාට බවද පොලිසිය පවසයි.
අනියම් සැමියා හා සැකකරුගේ බිරිඳ නගරයේ ප්රසිද්ධියේ අඩදබර කර ගැනීමක් හේතුවෙන් දෙදෙනා පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන සිටි සිය බිරිඳට පොලිස් ඇප ලබා දීමට ඉදිරිපත්ව ඇති සැකකරු (විවාහක සැමියා) බිරිදට ඇප ලබා දී පොලිසියෙන් පිටතය යන අවස්ථාවේබිරිදට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු පොලිසයේ සිර මැදිරියට දැමීමට පෙර පොලිස් නිලධාරීන් ඔහු පරික්ෂා කළ අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරියා තල්ලුකර සිර මැරිය වෙත දිවගොස් ඔහු සගවාගෙන සිටි කුඩා පිහියකින් පොලිස් සිරමදිරියේ රඳවා සිටි බිරිඳගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාගේ ගෙලෙට ඇන ඇති බවද පොලිසිය කියයි