රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්රෑම් 3 ග්රෑම් 95 ක් සමග වැඩ තහනමකට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු මාතලේ ප්රදේශයේ දී ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්රශ්න කිරීමේ දී මෙම කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.
පසුගිය 16 වැනිදා විනය විරෝධී හේතුවක් මත වැඩ තහනමකට ලක්ව ඇති මෙම පොලිස් කොස්තාපල්වරයා මෙම හෙරොයින් අධිකරණයකින් සොරාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.