පාතාල සාමාජිකයකු බව සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ගණේමුල්ල, මාකිලංගමුව ප්රදේශයේ පිහිටි නිවසට අද (24) අුයම් කාලයේ නාදුනන කණ්ඩායමක් පැමිණ වෙඩි ප්රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්රහාරය එල්ල වන අවස්ථාවේ ගණේමුල්ල සංජීව නැමැත්තාගේ බිරිඳ, දියණිය ඔහුගේ සහෝදරියක සහ මවුපියන් නිවසේ සිට ඇතත් ඔවුන් කිසිවකුටත් එම වෙඩි ප්රහාරයෙන් හානියක් සිදුවී නොමැති බව ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ටී-56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවත් නිවසේ බිත්තිවල සහ ගේට්ටුවෙ වෙඩි සලකුණු පෙනෙන්නට ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
ගණේමුල්ල සංජීව නමැත්තාගේ මව සහ සහෝදරිය විසින් නීතීඥයකු සමඟ අද දහවල් කාලයෙ ගණේමුල්ල පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත අතර ඔහු මේ වන විට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවද බුද්ධි අංශ සඳහන් කරයි.
මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගනේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට ද ආරංචි මෙරට බුද්ධිඅංශ වලට ලැබී තිබිණි.
ප්රතිවාදී පාතාල කණ්ඩායමක් ගනේමුල්ල සංජීව නමැත්තා ගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල කරන්නට පැමිණ ඇති බවත් වෙඩි ප්රහාරය එල්ල කිරීමට පැමිණි කණ්ඩායම ගැන තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නොමැති බවත් ෙපාලිසිය පවසයි