කල්පිටිය, අලමන්නාරම මාර්ගයේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් සහ ඊට අනුබල දුන් පුද්ගලයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ ගංජා කිලෝ 02 ග්රෑම් 35ක් තිබුණ බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී පුද්ගලයෙක් පලා ගොස් ඇති අතර කල්පිටිය පොලිසිය සඳහන් කළේ ඔහු සොයා වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (23) පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතයි.