රාජකාරි කටයුතු සදහා නිකුත් කරන ලද ටී 56 ගිනි අවියද රැගෙන දඩයමේ ගිය පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඉස්සන්නෑව රජයේ රක්ෂිතයේදි අත්අඩංගුවට ගත්බව වාහල්කඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරැවැව පොලිසියට අනුයුක්තව රොටවැව පොලිස් මුරපලේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු හා වාහල්කඩ ප්රදේයේ පදිංචි වයස අවුරැදු 49 ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.මින් එක් පුද්ගලයෙක් මගි ප්රවාහන අධිකාරියේ වේලා සටහන් කරැවෙකු ලෙස සේවය කරන අයෙකි.
අත්අඩංගුවට ගනු ලැබ සිටින පොලිස් සැරයන්වරයා පොලිස් මුරපලේ සේවය කරමින් සිටින අතරතුරදි සිය ටී 56 ගිනි අවියද රැගෙන වාහල්කඩ ඉස්සන්නෑව ප්රදේශයේ හේනක පැල් රකිමින් සිටි හිතවතුන් දෙදෙනාගේ පැලට විත් තමන් නිදා ගන්නා බව පවසා සතෙකු දඩයම් කරගෙන එන ලෙස මිතුරන් දෙදෙනාට ගිනි අවිය බාරදි ඇතැයි පොලිසිය කියයි.