මාර්ග බාධක මගහැරමින් අතුරු මාර්ග හරහා රැගෙන යාමට සුදානම් වු රුපියල් ලක්ෂ 50 කට ආසන්න බීඩි කොළ තොගයක් වනාතවිල්ලුව හා කරුවගස්වැව පොලිස්ථාන ඒකාබද්ධව කළ වැටලීමකදී අද(13 ) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරීන් මුහුදු මාර්ගයෙන් කරතිව් කලපු තිරයට රැගෙන ඉන් පසුව බෝලරෝ කැබ් රථයකින් ප්රවාහනය කරමින් තිබූ බීඩි කොළ තොගයක් බව පොලිසිය කියයි.
මෙම බීඩි කොළ තොගය සමග එය ප්රවාහනයට යොදා ගත් බෝලරෝ වර්ගයෙ කැබ් රථය සමග රියදුරු අත් අඩංගුවට ගෙන තිබු බවත් පලා ගිය සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
බීඩි කොළ තොගයෙ කිලෝ 700 කට ආසන්න ප්රමානයක් තිබු බවත් එය උර 19 ක අසුරා තිබු බව පොලිසිය කියයි.