දරුවන්ට යහමග යන්නට මවුපියන් නිරන්තරයෙන් උපකාර කරනවා..
ඒත් මේ කියන්න යන්නේ එහෙම කතාවක් නෙවෙයි…
පුතාගේ වරදක් වසන් කරන්න ගිය පොලිස් තාත්තා කෙනෙක්ගේ කතාවක් ගැන…
තම පුතු විසින් 14 දැරියකට සිදු කළ අපයෝජනයක් පිළිබඳව පොලිස් විමර්ශන කටයුතු යටපත් කිරීම සඳහා එම දැරිය රැගෙන ගොස් සඥවාගෙන සිටි පුවතක් මොනරාගල පොලිස් වසාමෙන් වාර්තා වෙනවා…
මෙලෙස එම දැරිය රඳවාගෙන සිට ඇත්තේ බිබිල ප්රදේශයේ එම පොලිස් නිලධාරියාගේ නිවසේ බවයි වාර්තා වෙන්නේ..
මෙම අපයෝජනයට ලක්වූ දැරිය මොනරාගල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී කොස්තාපල්වරයා දැරිය මෙසේ කැඳවා ගෙන ගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසන්නේ..
මීට සම්බන්ධ සැකකාර අපයෝජනය සිදු කළ කොස්තාපල්වරයාගේ පුත්රයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
“අනේ මේ ප්රශ්නය මෙච්චර දුරදිග යයි කියලා මම හිතුවේ නැහැ” යැයි කොස්තාපල්වරයා පොලිස් විමර්ශන නිලධාරීන්ට පවසා ඇති බවට වාර්තා වෙනවා..
මෙම දැරියගේ පවුලේ පාර්ශ්වය දිගින් දිගටම මේ පිළිබඳව සිදුකරන විරෝධතා සහ පොලිස් පැමිණිලි යටපත් කිරීමේ අරමුණින් අදාළ පොලිස් කොස්තාපල්වරයා දැරිය පැහැරගෙන ගොස් රඳවා තනාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ…