උදෑසන තවත් දුම්රිය අනතුරක් අද විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී වාර්තා වී තිබෙනවා…
පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ කාර්ලායල දුම්රියක කන්ටේනරයක් ගැටී මෙම අනතුර සිදුව තිනෙබවා…
අනතුරෙන් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩි හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්රමාදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ…
මේ හේතුවෙන් ගිරිඋල්ල – මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු නැවතී ඇති බවටයි වාර්තා වෙන්නේ…
මේ නිසා මේ මාර්ග භාවිත කරන අයට විකල්ප මාර්ග භාවිත කරන්න කියලා පොලීසිය මහජනතාවට පවසා තිබුණා…
කොහොම වුණත් මෙම මාර්ගය යථා තත්වයට පවතින්න තවත් හෝරා කීපයක් ගතවේවි…
මෙම අනතුර සිදුවන මොහොතේ දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානි සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ….