ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කඩා වැටුන පී ටී 6 වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාව 2018 වසරේ මිළදී ගත් යානයක් බවත්, එහි ජිව කාලය ගුවන් පැය 4000 ක් වුවද කඩා වැටුන අවස්ථාවේ එහි ගුවන් පැය 850 ට ආසන්න පමණක් සපුරා තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
ගුවන් හමුදාව මිළදීගෙන භාවිතා කරන පී ටී 6 වර්ගයේ සියලු ගුවන් යානා වසර 2000-2018 අතර කාලය තුළ නිපදවා ඇති ගුවන් යානා බවද හෙතෙම පැවසීය.
1985 වසරේ දී මෙම ගුවන් යානා නිපදවා චීනයේ චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් හමුදාව වෙත නිපදවා ඇති අතර ගුවන් යානා 3000 පමණ නිෂ්පාදන කර 1979 අලෙවි කිරීම සදහා පී ටී 6 නාමය යටතේ අලෙවි සිදුකර ඇත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. නියමුවන් මුලික පුහුණු සදහා ලෝකයේ බොහෝ ටවල් මෙම පී ටී 6 ගුවන් යානය භාවිතා කරන බවද හෙතෙම පැවසීය.
මෙම යානය අලුත්වැඩියාවක් සදහා යොමුකර එහි තත්ත්ව පරික්ෂාවක් සදහා ගුවන් ගත කරමින් සිටියදි මෙලෙස කඩා වැටී ඇති බවත්, මෙම යානය මෙලෙස කඩා වැටීමට හේතුව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයේ දී ඉදිරියේ අනාවරණය වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.