ඉකුත් 04 වන දින කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම ඊයේ (06) කඳාන පොලිස් වසමේ අංක 6/8, ෆාතිමා මාවත, කඳාන ලිපිනයේ දී සිදුකර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 350ක් හා ජංගම දුරකථනයක් සමඟ කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම සැකකරු වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රසික චමෝද් නොහොත් ‘චූටි මල්ලි’ යන අයගේ සමීපතමයෙකු යැයි පැවසෙන අතර, පසුගිය 4 වනදා කඳාන පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දුන් අයෙක් බව ද පොලීසිය පැවසීය.