රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකරුවකු සහ කළමනාකරණයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, සැකකාරියන් අවුරුදු 19, 20 හා 26 වයස්වල පසුවන කළුතර හා පොල්පිතිගම ප්‍රදේශවල පදිංචිකාරියන්.
ඔවුන් අද (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.