වවුනියාව බන්ධනාගාරයේදී වසූරිය වැලඳුනු රෝගීන් හය දෙනෙකු හමුවීමත් සමඟම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධානාගාරයේ සිටින සිරකරුවන් හාරසීයකට ආසන්න පිරිසකට එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා.
මෙම රෝගීන් හය දෙනා වසූරිය වැනි බෝවන රෝගයකට ගොදුරු වී සිටි අතර ඒ පිළිබදව කළ පරීක්ෂණයකදී එම රෝගය සරම්ප බවටත් වෙනත් රෝගයක් බවටත් මත දෙකක් පළ වී ඇති බව වාර්තා වෙනවා.
රෝගය නීසියාකාරව මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිරකරුවන් සියලු දෙනාම එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.
බන්ධනාගාර බලධාරීන් විසින් රෝගය වැලඳුණු රෝගි සිරකරුවන් හය දෙනා වෙනමත් අනෙක් සිරකරුවන් වෙනමත් රඳවා තැබීමට තීරණය කොට ඇති අතර සිරකරුවන් හා බාහිර පුද්ගලයින් අතර සියලු සබඳකම් වැළැක්වෙන ආකාරයට වවුනියාව බන්ධනාගාරය අගෝස්තු මස 15 වන දා දක්වා සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරන්නේ ඇතැම් විට බන්ධනාගාරය විවෘත කෙරෙන දිනය අගෝස්තු 15 වන දාටත් වඩා ඈත දිනයක් දක්වා යා හැකි බවයි.
කෙසේ වෙතත් වවුනියාව බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වෙනවා.