යුදහමුදා සෙබළකුට තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
කැපුම් තුවාල ලැබූ කැකිරාව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ යුද හමුදා සෙබලා අසල්වාසීන් වන අතර පෞද්ගලික ආරවුලක් මත මෙම දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොස්තාපල්වරයා සමග ඇති කරගත් මෙම ආරවුලට එම කොස්තාපල්වරයාගේ බිරිඳ සහ පුතා ද හවුල් වීමෙන් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.