ත්රිකුණාමලය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරල ට අයත් පිස්තෝල අවිය ක්රියාත්මක වීමෙන් පිටවූ උණ්ඩයෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂකනිලධාරියකු ප්රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකු විසින් එම ගිනි අවිය පිරිසුදු කිරීමට යාමේදී එම පිස්තෝල අවිය ක්රියාත්මක වී යාබදව සිටි සිවිල් ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි .
මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කන්තලේ පොලිසිය විසින් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි