බීමතින් පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය