සිය බිරිඳ අනියම් සැමියා සමග ත්රිරෝද රථයක් සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි .
ත්රීරෝද රථය ගිනිතැබූ හොරණ ප්රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
බිරිඳ හොරණ ප්රදේශයේ ප්රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත්, ඇය අද සේවයට යාමට උදැසන නිවසින් පිටත්ව ගොස් අනියම් සැමියා සමග හොරණ ප්රදේශයේ මාර්ගයක් ආසන්නයේ ත්රිරෝද රථයක සිට ඇති බවට සැකකරුගේ ප්රකාශ අනුව පෙනීයන බව පොලිසිය කීය.
සැකකරු පැමිණෙන දුටු අනියම් පෙම් යුවල ත්රීරෝද රථයද මහමග දමා දිව ගොස් ඇති බවත්, එහිදී උරණවූ සැකකරු ත්රීරෝද රථයට ගිනිතබා මුළුමනින්ම විනශකර ඇති බවත් පොලිසිය පැවසීය .