ඊයේ දහවල් මොරටුව පොලිස් වසමේ මාදංගහවත්ත ප්රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් ලීටර් 90 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 41 ක් වු උස්වත්ත, මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (02) දින ඔහු මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි, මොරටුව පොලිසිය සිදුධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර ඊයේ (01) අළුයම් කාලයේදී වාදුදුව පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1816 යි මිලිලීටර් 400 ක් (බැරල්10) ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 42 ක් වු වාද්දුව, මැස්ටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (02) දින ඔහු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි, වාද්දුව පොලිසිය සිදුධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.