නිට්ටඹුව තැපැල් කාර්යාලය බිඳ මුදල් සොරාගත් කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොර කඩා ඇතුළු වූ කණ්ඩායම මුදල් සේප්පුවෙහි තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
තැපැල් ස්ථානාධිපතිගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.