තලවිල දේවස්ථාන භූම්යේ, සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයින් පස්දෙනෙක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, අදාළ පුද්ගලයන්, දේවස්ථානයට අගෝස්තු මංගල්‍ය සදහා පැම්ණි බැතිමතුන් පිරිසක් අතර මෙසේ සැකකටයුතු ලෙස සැරිසරා ඇති හෙයින් ඊයේ(01) රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ වයස අවුරුදු 22 ක්, 23 ක් හා 24ක් වන අතර ඔවුන් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංච්කරුවන්.
අදාල පුද්ගලයින් කුමන හේතුවක් මත දේවස්ථාන භූම්යට පැම්ණියාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිම් ආරම්භ කර ඇති අතර අනතුරුව පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්ත බවයි වාර්තා වෙන්නේ.