තලවකැලේ ග්රේට් වෙස්ට(ර්)න් කඳු මුඳුනේ තිබී ඊයේ (01) හමුවූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ක්රියාත්මක කර ඇති බව තලවකැලේ පොලිසිය අවධාරණය කරයි.
ග්රේට් වෙස්ට(ර්)න් කඳු මුඳුනේ කඳවුරු බැඳීමට ගිය පිරිසක විසින් මෙම කාන්තා මළ සිරුර දැක තිබුණු අතර, ඉන්පසු ඔවුන් ඒ පිළිබඳ තලවකැලේ පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කර තිබිණි.
කිසියම් පිරිසක් සමඟ ජීවිතක්ෂයට පත් කාන්තාව කඳුවැටිය තරණය කර ඇති බවත් එහිදී එම කාන්තාව මිය යාමෙන් පසු සිරුර කඳු මුඳුනේම තබා පැමිණි පිරිස පලා යන්නට ඇති බවත් විමර්ශන සිදුකරන තලවකැලේ පොලිසිය පවසයි.
මේ අතර, ග්රේට් වෙස්ට(ර්)න් කඳු වැටියේ කඳවුරු බැඳීමට පැමිණෙන පිරිස සඳහා රක්ෂිතයට ඇතුළු වීමට නිසි ක්රමවේදයක් සකස් කිරීමට නියමිත බවත් වාර්තා වී ඇත.