වවුනියාව බන්ධනාගාරය වහාම වසා දැමීමට ඊයේ (31) බන්ධනාගාර බලධාරීන්ට සිදු වුණා.
ඒ, බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට වසූරිය වැලඳීමත් තවත් සැක සහිත රෝගීන් කීප දෙනෙකුත් බන්ධනාගාරයෙන් හමු වීමත් නිසා.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධනාගාරය වසා දමනු ලැබුයේ ඊයේ (31) සිට අගෝස්තු 15 වෙනිදා දක්වායි.
බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන්ට වසූරිය සදහා අවශ්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා දී ඇති අතර රැඳවියන් සියලුම දෙනා එන්නත්කරණයට ද ලක් කොට තිබෙනවා.
වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාරය තුළට පැමිණ එහි තත්ත්වය හා රෝගීන් නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් බන්ධනාගර නිලධාරීන්ට ලබා දී ඇති අතර එම නිලධාරීන් ප්‍රකාශ කළේ අධික රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සිටීම නිසා තත්ත්වය බරපතළ විය හැකි බවයි.
මීට වසර තුනකට පමණ පෙර සිට වවුනියාව බන්ධනාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා රැඳවියන් පිරිස අඩු කරන ලෙස හෝ බන්ධනාගාරයේ පහසුකම් වැඩි දියුණු කරන ලෙස ඉල්ලීම් කීපයක්ම කළ ද, ඊට බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව බන්ධනාගාර නිලධාරියකු කියා සිටියා.
වවුනියාව බන්ධනාගාරයේ සිටි රැඳවියන් වසූරිය වසංගතය නිසා වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කොට තිබෙනවා.