දෙමළ ජාතික සන්ධානය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරු 10.30ට පමණ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිත වනවා.
ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ඇරයුමකට අනුවයි ඔවුන් මෙම සාකච්ඡාවට එක්වන්නේ.