අවුරුදු 11 ක් වයසැති සිය දැරිය අපයෝජනය කළ පියෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වසර තුනක පමණ කාලයක සිට මෙම පුද්ගලයා සිය දියණිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි. මෙම දැරියගේ මව වසර කිහිපයකට පෙර වෙන්ව ගොස් ඇති අතර සැකකරුගේ දෙවන බිරිඳ විසින් මෙම දරුවා බලාගෙන ඇති මත බව පොලීසිය අනාවරණය කරනවා.
එම කාන්තාවගේ ද දැනුවත්භාවය මත මෙම අපයෝජනය දිගින් දිගටම සිදු ඇතිව බව අනාවරණය වූ හෙයින් ඇයවද ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.