කැබ් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවාගෙන මරණීය තර්ජනය සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි .
මෙම සිද්ධියට සම්බන්ධ කැබ් රථය රථයද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම පැහැරගැනීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් එම තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පුද්ගලික ආරවුලක් මුල්කරගෙන ඉකුත්වු 24 දින ප්රදේශය තරුණයෙකු කැබ් රථයකින් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන මරණීය තර්ජනය කළ බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශනය පවත්වා මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වයස 25.26 වයස්වල පසුවන්නන් බවත් සැකකාරිය වයස අවුරුදු 50 ක කාන්තාවක් බවත් පොලිසිය පවසයි.