සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්රධානෝත්සවයේ දී උපාධිය ලබා ගත් තරුණියක් යාපනයේ සිය නිවසට පැමිණීමෙන් පසුව 29 දා ගෙළ වැළලා ගෙන මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වඩුක්කෝඩෙයි සෂිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි සත්කුණරත්නම් කෞෂිකා නැමති 27 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වෙන්නේ.
මියගිය තරුණියගේ මව හා පියා පවුල් ආරවුලක් හේතුවෙන් වෙන වෙනම ජීවත් වන අතර උපාධි ප්රධානෝත්සවයේ දී එම තරුණිය සිය දෙමව්පියන් දෙදෙනාම එම උත්සවයට රැගෙන ගොස් තිබෙනවා.
ඔවුන් සියළු දෙනාම ආපසු පැමිණීමෙන් පසුව පවුලේ ආරවුල් යළි උත්සන්න වීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකට පත් වීමෙ න් පසුව සිය නිවසේ දීම ගෙළ වැළලා ගෙන මිය ගොස් තිබෙනවා.
මියගිය තරුණියගේ මළ සිරුර වඩුක්කෝඩෙයි පොලිසිය විසින් වඩුක්කෝඩෙයි රෝහලට බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
පවත්වා ගෙන යන බවයි වාර්තා වෙන්නේ.