මුලතිව් ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු ඊයේ (29) අතුරුදන් වී තිබෙනවා.
මුලතිව්, කලපාඩු දකුණ ප්රදේශයේ පදිංචි නවරත්නම් සුදේන්ද්රන් නමැති 39 හැවිරිදි මෙම ධීවරයා මසුන් මැරීම සදහා ගිය බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබියදී වෙනත් ධීවරයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
එම බෝට්ටුව තුළ ධීවරයාගේ ඇදුම් පැලදුම් හා ඔහු විසින් පාවිච්චි කරන ලද භාණ්ඩ තිබී හමු වී ඇතත් ධීවරයා මෙතෙක් හමු වී නැහැ.
එම ධීවරයා අතුරුදන් වී ඇත්තේ 28 වන දා මසුන් මැරීමට මුහුදට ගිය අවස්ථාවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධිය පිළිබදව නාවික හමුදාවට ද දැනුම් දී අතුරුදන් වූ ධීවරයා සෙවීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා.