පොලිස් සැරයන්වරයෙකුට අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු ලබන 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සියඹලාන්ඩුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
දොඹගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු රාත්රී ජංගම රාජකාරි සංචාරයේ යෙදී සිටියදීය යතුරුපැදියක්නවත්වා පරික්ෂා කිරීමේදී එම පුද්ගලයාට රියදුරු බලපත්ර නොමැති බව අනාවරණය වී තිබෙනවා.
පසුව එම නිලධාරියා නීතිය ක්රියාත්මක කිරීමට සූදානම් වීමේදී අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ හෙයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි