කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මුදල් හා දේපළ කොල්ලකෑම් වලට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේදී වැසිකිළි යාමට අවශ්‍ය බව පොලිස් නිළධාරීන්ට පවසා තිබෙනවා.
පොලිස් නිලධාරීන් එම අවස්ථාව ලබාදුන් පසු වැසිකිලියේ ජනේලයකින් මෙම සැකකරු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.