කොළඹ මහනගර සභාවට අයත්කැබ් රථයක උපාංග සොරකම් කළ නගර සභා සේවකයින් දෙදෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මහනගර සභාවට අයත් දිසා ජල ප්රවාහන අංශයේ නවත්වා තිබූ ඩබල් කැබ් රථයක උපාංග මෙලෙස සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
සොරා ගන්නා ලද උපාංග වල වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.