www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහත්තයා රට යවලා බැංකු නිලධාරිනිය අනියම් පෙමක් පටන් අරන්


2023-03-18 13:24:45 -  187 යි

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කළමනාකාරිණියක වන ඇය 50 හැවිරිදි විවාහක කතකි.

සැමියා විදෙස්ගතව සිටින අතර ඇය 27 හැවිරිදි පුද්ගලයකු සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

එම පුද්ගලයා වරින් වර රුපියල් විසි පන් ලක්ෂ විසි හතර දහසක මුදලක් වංචනික ලෙස ඇයගෙන් ලබා ගෙන ඇත.

එම මුදල් ආපසු ඉල්ලූ විට ඇගේ නිරුවත් ජායාරූප සමාජ මාධ්‍යට සහ සැමියාට මුදා හරින බවට තර්ජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පදවි ශ්‍රී පුර පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ පදවි ශ්‍රී පුර පොලිසියේ සැරයන් (21504) ධම්මික බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැළකිල්ලට ගනිමිනි.

සැකකරු ඇයට නිතර තර්ජනය කරන බව විමර්ශනවලදී හෙළි වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවත් සැරයන්වරයා එහිදී අධිකරණයට දැන්වීය.

පදවි ශ්‍රි පුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සැරයන් ධම්මික මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com